Mere Brother Ki Dulhan (2011) සිංහල උපසි‍රැසි සහිතව

මේකෙ ලස්සන ආදර කථාවක් තියෙනවා වගේම ගොඩක් විනෝදයෙන් නරඹන්න පුලුවන් විදිහෙ චිත්‍රපටියක්..

Ekk Deewana Tha (2012) සිංහල උපසි‍රැසි සහිතව

ආදරේ කියන්නේ ඉබේම ඇති වෙන එකක් කිව්වොත් කවුරුත් පිළිගනිවි.

Rowdy Rathore (2012) සිංහල උපසි‍රැසි සහිතව

ඉතින් මේ චිත්‍රපටිය ගැන කියනව නම් අවුරුදු හතකට පස්සෙ ආව ආක්ශේ කුමාර්ගෙ ඇක්ශන් චිත්‍රපටියක්.. මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ සන්ජය ලීලා බන්සාලි..

Vicky Donor (2012) සිංහල උපසි‍රැසි සහිතව

මේ අවුරුද්දෙ අප්‍රේල් 20 තිරගතවීම ඇරඹු වඩාත් කථාබහට හා ජනප්‍රියත්වයට ලක්වූ හින්දි චිත්‍රපටියක් ඔන්න මම අරගෙන ආවා..

Zindagi Na Milegi Dobara (2011) සිංහල උපසි‍රැසි සහිතව

මෙවර 13 වන iifa උලෙලේදි හොදම චිත්‍රපටිය - හොදම අධ්‍යක්ෂනය - හොදම තිරරචනය - හොදම සහය නළුවා ඇතුලු තවත් සම්මාන 8ක් මේ චිත්‍රපටය දිනාගත්තා.

Saturday, September 15, 2012

Mere Brother Ki Dulhan (2011) සිංහල උපසි‍රැසි සමග


ඔන්න මං මගේ හත්වැනි නිර්මාණයත් අරන් ආවා.. මං මේ පාරත් අරන් ආවේ හින්දි චිත්‍රපටියක්.. ඉතින් චිත්‍රපටිය ගැන කියනවා නම් මේක ගිය අවුරුද්දේ තිරගත වූ ලස්සන චිත්‍රපටියක්.. Imran Khan,Katrina Kaif සහ Ali Zafar මෙහි රංගනයෙන් දායක වෙනවා.. IMDb දර්ශකය තුල 6.0 අගයක් ලබලා තියෙනවා වගේම Romantic/Comedy වර්ගීකරණයයට අයත් චිත්‍රපටියක් මේක.. 
ඉතින් මේකෙ කථාව ගැන කියනවා නම් Luv කියන්නෙ ලන්ඩන් වල ජීවත් වෙන තරුණයෙක්, ඔහු තම පෙම්වතියගෙන් වෙන්වීම නිසා තීරණය කරනවා ඉන්දියානු ගෑණු ළමයෙකු සමඟ විවාහා වීමට.. ඉතින් ඔහුට ගෑණු ළමයෙකු සෙවීම සඳහා ඔහු එය භාරදෙන්නෙ තමන්ගේ අතිජාත ආදරණීය සහෝදරයා වන Kushට.. මෙතනින් තමයි කථාව පටන් ගන්නෙ.. ඉතින් Kush ට තම සහෝදරයාට හොද ගෑණු ළමයෙකු සොයාගන්නට හැකිවේවීද, ඔහුට ඒ සඳහා මොන මොන දේවල් කරන්න වේවීද ඒ හැමදේම ඔයාලට දැනගන්න පුලුවන් චිත්‍රපටිය නරඹලම.. මේකෙ ලස්සන ආදර කථාවක් තියෙනවා වගේම ගොඩක් විනෝදයෙන් නරඹන්න පුලුවන් විදිහෙ චිත්‍රපටියක්.. මම නම් පෞද්ගලිකව Imran Khan ගෙ චිත්‍රපටිවලට කැමති කෙනෙක්.. ඉතින් එහෙනම් හැමෝටම නරඹන්න කියලා ආරාධනාකරන ගමන්ම මම මීට කලින් දුන්න චිත්‍රපටි සඳහා අදහස් දැක්වූ සැමට ස්තූතියි කියන ගමන්ම මේ චිත්‍රපටියටත් ඔයාලාගේ අදහසක් දක්වලා යන්න කියලා ඉල්ලා සිටිනවා.. ඒ වගේම ඔයාලගේ රසවින්දනය උදෙසා මෙහි ඇති සියලු හින්දි ගීත උපසි‍රැසි ගන්වා තිබෙන බවත් මතක් කරන්න ඕන.. 
එහෙනම් අපේ zoom හි අනෙකුත් උපසි‍රැසි නිර්මාණකරුවන්ගේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා සුභපතන ගමන්ම, නිරතුරුවම අපට විශාල සහයෝගයක් ලබාදෙන අපේ Hedz අයියවත් මතක් කරන ගමන්ම, zoom එකට වගේම ඔයාලා හැමෝටමත් ජයෙන් ජය!!! එහෙනම් නරඹන්න "මගේ සහෝදරයාගේ මනාලිය" ව.. සැමට සුභ දවසක්.. තවත් උපසි‍රැසි නිර්මාණයක් සමඟින් ඉක්මනින්ම හමුවෙමු.. 
           
                            මෙතනින් ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චමීර අබේසිංහ(CJA) විසිනි විසිනි.

Ekk Deewana Tha (2012) සිංහල උපසි‍රැසි සමග


ආදරේ කියන්නේ ඉබේම ඇති වෙන එකක් කිව්වොත් කවුරුත් පිළිගනිවි.ක්ලාස් එකකදි ඔෆිස් එකේදි නැත්නම් ගෙවල් ලග හරි පාරේදි යනකොට හරි අනිත් ගැණු ළමයි කොච්චර දැක්කත් එක විශේෂ කෙනෙක් දකින්න පුලුවන්.එයාව දැක්කම එක පාරක් නෙමෙයි දහස්පාරක් එයාගේ දිහා බලාගෙන ඉන්න හිතෙනවා.අනේ මන්දා අනිත් හැමෝටම වඩා එයා ගැන මගේ හිතේ මොකක් හරි..ඔව් මට එයා ගැන ආදරයක් ඇති වෙලා.එත් කොහොමද මම
ඒක එයාට කියාගන්නේ..එයාට කෙනෙක් ඉන්නවද දන්නේ නෑ...නැ වෙන්න බෑ.එයාගේ විස්තර ටිකක් කොහොම හරි හොයාගන්නවා. ප්‍රශ්නයක්! එයා මට වඩා වැඩිමල් කෙනෙක්.කමක් නෑ ආදරය කරද්දි ආගම් බේද වයස් බේද නෑ නේ.කොහොම හරි හයිය කරන් ගිහින් ගැහැණු ළමයගෙන් මම ඇහුවා.''ඔයාට මම ආදරේ කරනවා''................................. .........එයා ගෙන් උත්තරේ කැමති නෑ කියලා.කමක් නෑ කෙල්ලෝ කොහොමත් මුලින්ම කැමැත්ත කියන්නේ නෑ නේ.ඒක මම දන්නවා.ඒක නිසා එහෙම වෙන්න ඇති.මට කොහොමත් බෑ එයාව අමතක කරන්න.එයාට ආදරේ කරන එක නවත්තන්න.කමක් නෑ ටිකක් එයාට හිතන්න කල් දෙමු..ආපහු දවසක මම අහනවා.එයා මට කැමති වේවි.මම එයා යන හැම තැනකටම පස්සෙන් නොදැනෙන්න ගියා.ගිහින් එයා දිහා බලන් ඉන්නවා.වෙලාවකට මට හිතෙනවා එයා මම එයාගේ පස්සෙන් එන බව දන්න නිසා ආඩම්බර වෙලාවත්ද කියලා.කමක් නෑ මම එයාට අවංකව ආදරේ කරනවනේ....කාලය ගෙවිලා යනවා.අද දවසේ මම එයාව ලස්සන මානාලියක් විදියට දකිනවා.වෙනදටත් වඩා එයා අද ලස්සනයි..ලොකේ හැම ගැණූ ළමයටම වඩා එයා ලස්සනයි.එයාව මම මනාලියක් විදියට දැක්කට එයා අද කසාද බදින්නේ මාව නෙවෙයි.එයාට මගේ ආදරේ වටිනා කමක් නැතිවෙලා.පිස්සුවෙ� ��් වගේ පස්සෙන් ඇවිත් මුළු ලොකේටම වඩා ආදරේ කරපු මගේ ආදරේ එයාට වටින්නේ නැති වෙලා.කමක් නෑ මම තරහක් නෑ.මොකද මුළු හිතින්ම ආදරේ කරපු කෙනෙක්ට වෛරකරන්න මට බෑ.ඔයා ඔයාගේ ජිවිතේ තිරනේ ගත්තනේ.හැබැයි ඔයාට කවදා හරි මතක්වේවි ඔයා වෙනුවෙන් පිස්සුවෙන් වගේ ආදරේ කරපු කොල්ලෙක් (Ek Deewana tha/එක් දිවානා තා) හිටියා කියලා...



ඔන්න ඔය උඩ තියෙන්නේ මගේ ජිවිත කතාව නෙමෙයි.මේ චිතපටියට පාදක වෙන කතාව.බයවෙන්න එපා මුළු කතාවම මම කියලා නෑ ඔය මුල ටික විතරයි.ඔයාලා හැමෝම දන්නවා හින්දි සහා දමිල සිනමාවේ නිර්මාණය වන ආදර කතා තරම් විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණ කරන්න වෙන කාටවත් බෑ කියලා.දමිළ සිනමාවේ බිහි උන චිත්‍රපටියක හින්දි චිත්‍රපටියයි මේ එක් දිවානා තා චිත්‍රපටිය.මේක බලද්දි මට මගේ ජිවිතේ සමහර දේවල් එහෙමත් මතක් උනා.ඔයා මේක අරන් බැලුවේ නැත්නම් අනිවාර්යෙන් අරන් බලන්න.තව දෙයක් මේකට ස්තුති කරන්න ඕන කිහිප දෙනෙක් ඉන්නවා.මේ දවස් වල මට වැඩ රාජකාරි වැහිවැහැලා නිසා මේක කරන්න ටිකක් කාලයක් ගියා.ඒ වෙලාවේ අපේ CJA (චමීර අබේසිංහ) යාලුවා දුන්න උදව්වට බොහෝම ස්තුතියි.එයත් මම වගේම හින්දි එවට ඇලුම් කරන නිසා මම නැති උනා කියලා හින්දි චිත්‍රපට දෙන එකේ නම් අඩුවක් වෙන එකක් නෑ.ස්තුති කරන්න ඕන අනිත් කෙනා තමයි මහේෂි.හින්දි චිත්‍රපටිවල හදවත වගේ තමයි සිංදු කියන්නේ.එවත් උපසිරැසි ගන්වලා චිත්‍රපටියක් දෙන්න පුලුවන් නම් තමයි හොදම දේ.හැබැයි අවසනාවට මේ චිත්‍රපටියේ හින්දි ගිත වලට ඉංග්‍රිසි පරිවර්තනයක් තිබුනේ නෑ.ඔයාලා උනත් ඉංග්‍රිසි සබ් එක අරන් බැලුවොත් පෙනෙව් එකේ ගිත උපසිරැසි ගන්වලා නෑ කියලා.හැබැයි මට එක කරන්න බෑ.ඒක නිසා මම මහේෂිව අල්ලගෙන එයාට කියලා සිංදු වලට ටයිම් ලයින් හදලා(අංකන දත්ත පිටපත) හින්දි දැනුම පාවිච්චි කරලා සිංදු ටික සිංහලට හැරෙව්වා.සිංදු සේරම පරිවර්තනය නොකලත් හොදම ගීත කිහිපයක් උපසිරැසි ගන්වලා තියනවා.ඒක කරලා දුන්න අපේ මහේෂීටත් බොහෝම ස්තුතියි.මට ඇත්තටම උපසිරැසි දාන්න ඉගැන්වුයේ එයයි.එක නිසා ඒකටත් මේ වෙලාවේ ස්තුති කරනවා.

අද නම් කතාව ටිකක් දිග වැඩි උනා නේද.කමක් නෑ.එහෙනම් අරන් මේ චිත්‍රපටිය රස විදින්න.
ඔයාලා හැමෝටම ආදරණිය හැගිම් ඇතිවෙන සුභ දවසක් වේවා.

                         මෙතනින් ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස්(Punisher) සහ චමීර අබේසිංහ(CJA) විසිනි විසිනි.

Rowdy Rathore (2012) සිංහල උපසි‍රැසි සමග



ඔන්න මගේ පස්වැනි නිර්මාණයත් අරන් මං ආවා.. ඇත්තටම මේක අපේ HEDZ උපසි‍රැසි ගන්වන්න කියලා මට දුන්නු චිත්‍රපටියක්, අපේ යාලුවෙක් මේකෙ මුල් ලයින් 500 ට උපසි‍රැසි දාලා තිබුනේ, ඇත්තටම මං තාමත් දන්නෙ නෑ ඒ යාලුවා කවුද කියලා.. ඉතින් මට තිබුනේ අවසාන ලයින් 1000 ට කරන්න.. මේක තමයි මං ඉක්මනින්ම කරපු සබ් එක.. ඉතින් මේ චිත්‍රපටිය ගැන කියනව නම් අවුරුදු හතකට පස්සෙ ආව ආක්ශේ කුමාර්ගෙ ඇක්ශන් චිත්‍රපටියක්.. මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ සන්ජය ලීලා බන්සාලි.. ඒ වගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ දකුණු ඉන්දීය සුපිරි නලු ප්‍රභූ දේවා විසින්... මේක IMDb හි 6.2 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා... ඒ වගේම කියන්න ඕන මේක 2006 තිරගත වූ Vikramarkudu කියන තෙලිගු චිත්‍රපටියේ remake එකක්.. ඒ වගේම 2011 දි මේකෙ දෙමල චිත්‍රපටියකුත් තිරගත උනා Siruthai යන නමින්..

මම චිත්‍රපටියෙ කතාව ගැන මුකුත් කියන්න යන්නේ නෑ මොකද මේක කාලෙකින් ආව අක්ශේගෙ සුපිරි ඇක්ශන් චිත්‍රපටියක් කියන්න හැමෝම දන්නවනෙ.. එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම චිත්‍රපටියෙ හොද නරක කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා...ඔයාලගේ රසවින්දනයට හානියක් වෙන්න අපි ඉඩනොතියන නිසා චිත්‍රපටියේ අඩංගු සියලු හින්දි ගීත සිංහල උපසිරැසි ගන්වලා තියන බවත් මතක් කරන්න ඕන.ඉතින් එහෙනම් මේකෙ මුල් ටිකට සබ් කරපු අපේ යාලුවවත් මතක් කරන ගමන්ම අපේ HEDZ සහෝදරයා හැමවිටම ලබා දෙන සහයෝගයට ගොඩක් ස්තූතියි කියන ගමන්ම, තවත් චිත්‍රපටියක් සමග නැවත ඉක්මනට හමුවෙමු.. එහෙනම් zoom එකට වගේම ඔයාලා හැමෝටමත් ජයෙන් ජය!!!!!

                            මෙතනින් ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ A.A.S.D.මධුවන්ත(akmeemana) සහ චමීර අබේසිංහ(CJA) විසිනි.

Vicky Donor (2012) සිංහල උපසි‍රැසි සමග


මේ අවුරුද්දෙ අප්‍රේල් 20 තිරගතවීම ඇරඹු වඩාත් කථාබහට හා ජනප්‍රියත්වයට ලක්වූ හින්දි චිත්‍රපටියක් ඔන්න මම අරගෙන ආවා.. මේක මගේ හතරවන නිර්මාණය.. ඉතින් මේ චිත්‍රපටිය ගැන කියනවනම් වෙනස් තේමාවක් යටතේ හදපු චිත්‍රපටියක්.. ඉන්දීය නලු ජෝන් ඒබ්‍රහම් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ... ඒ වගේම නවක නලු නිලි දෙපලක් තමයි මෙහි රංගනයෙන් දායක වෙන්නෙ... IMDb හි 8.0 තරම් ඉතා ඉහල අගයක් ගන්නට මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා... 

ඉතින් මේකෙ කථාව ගැන කියනවනම් Dr බල්දේව් චඩ්ඩා කියන්නෙ වඳ භාවය නිසා දරුවන් නොමැති අයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්.. ඒත් ඔහුට අවශ්‍ය හොද ශුක්‍රාණු දායකයෙක් නොමැතිවීම නිසා ඔහුගේ චිකිත්සාගාරය වැසීයාමේ තත්වයක් උද්ගතවෙලා තියෙන්නෙ, ඉතින් මෙන්න මේ අතරෙයි ඔහුට විකීව හම්බෙන්නෙ.. විකීගෙ හමුවත් සමඟ මේ දෙන්නගෙම ජීවිත වෙනස් වෙනවා... මේ ඇති නේද කථාව ගැන කිව්වා.. ඔයාලත් බලලම කියන්නකො මේක කොහොමද කියලා.. ඒ වගේම කියන්න ඕන මෙහි අසභ්‍ය දර්ශනයන් කිසිවක් අඩංගු නොවන බව... මොකද ශුක්‍රාණු දායකයෙක් කියලා කිව්වම සමහර අය හිතන්න පුලුවන්නෙ එහෙම දේවල්... ඉතින් චිත්‍රපටිය බලන්න ඇත්තටම වෙනස් නියම කථාවක් මේකෙ තියෙනවා කියලයි මගේ අදහස... ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම වගේම Zoom එකටත් ජයවේවා... ඉක්මනින්ම තවත් උපසි‍රැසි නිර්මාණයක් සමගින් හමුවෙමු...

                          මෙතනින් ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CJA විසිනි.

9 (I) (2009) සිංහල උපසි‍රැසි සමග


ඔන්න මගේ තුන්වැනි උපසි‍රැසි නිර්මාණයත් අරන් මං ආවා.. ඔයාලා කවුරුත් කැමතියිනෙ ඇනිමේශන් වලට.. මෙන්න එහෙනම් තවත් ඇනිමේශන් එකක්.. මේක මම බලපු ඇනිමේශන් වලින් ටිකක් වෙනස් එකක්.. ඉතින් ඒ හින්දම මට හිතුනා මේකට උපසි‍රැසි කරන්න ඕන කියලා... ඉතින් මේ චිත්‍රපටිය 2009 අවුරුද්දෙ තිරගතවූ චිත්‍රපටියක්.. IMDb හි 7.0 අගයක් ගන්නට මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.. ඒ වගේම කියන්න ඕන මේකෙ ප්‍රධාන චරිතය වන නමවැනියට හඩකවන්නෙ අපි කවුරුත් දන්න Lord Of The Rings චිත්‍රපට මාලාවේ ප්‍රෝඩෝගෙ චරිතයට පණපෙවූ Elijah Wood විසින්.. ඉතින් චිත්‍රපටියේ කථාව ගැන කියනවා නම් මනුස්සයන් හා යන්ත්‍ර අතර පවතින යුද්ධයෙන් පසුව මිනිස් ජාතිය මේ ලෝකෙන් සදහටම තුරන් වෙලා යනවා, ඒත් ජීවය ලෝකයේ පවත්වාගෙන යන්නට එක් විද්‍යඥයෙකු විසින් නිර්මාණය කරනවා නම දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, ඔන්න මීට වඩා නම් කියන්නෙ නෑ මම.... ඉතින් මෙයාලට ජීවය රදාපවත්වගන්න පුලුවන් වෙයිද, මොවුන්ට එල්ලවන තර්ජන වලින් බේරෙන්නට හැකිවෙයිද, ඒ හැමදේම ඔයාලම බලන්නකො එහෙනම්.. ඒ වගේම කියන්න ඕන මගේ නිර්මාණ තුනටම ටොරන්ට් ලින්ක් හොයලා ඔයාලා වෙනුවෙන් දැම්මෙ අපේ Hedz සහෝ, ඉතින් ඒකට අපේ ඇඩ්මින් සහෝදරයට ගොඩාක් ස්තූතිවන්ත වෙන ගමන් මම යන්න යනවා.. තවත් නිර්මාණයක් සමගින් ඉක්මනටම හම්බෙමු.. එහෙනම් zoom එකට වගේම ඔයාලා හැමෝටමත් ජයෙන් ජය!!!!!!

මේ සමග අපි දෙනු ලබන 300MB YIFY පිටපත ඉතා හොද මට්ටමක ඇති බව දන්වා සිටිමු.
           
                                මෙතනින් ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CJA විසිනි.

Zindagi Na Milegi Dobara (2011) සිංහල උපසි‍රැසි සමග


ඔන්න මගේ දෙවැනි උපසි‍රැසි නිර්මාණයත් අරන් මං ආවා... මං දෙවැනි එක විදිහට දෙන්න යන්නෙ හින්දි චිත්‍රපටියක්.. මේක මං බලපු ලස්සනම චිත්‍රපටි වලින් එකක්.. ඉතින් මට හිතුනා මේකට උපසි‍රැසි දුන්නොත් හොදයි කියලා..මේකට දෙන්න විශේෂ හේතුවකුත් තියනවා මෙවර 13 වන iifa උලෙලේදි හොදම චිත්‍රපටිය - හොදම අධ්‍යක්ෂනය - හොදම තිරරචනය - හොදම සහය නළුවා ඇතුලු තවත් සම්මාන 8ක් මේ චිත්‍රපටය දිනාගත්තා.
මේ චිත්‍රපටියෙ ලයින් 2000කට වඩා තිබුනා ඉතින් ටිකක් විතර කට්ට කාලා අවසානයේදි ඔන්න ඉවරකරා.. ඒ වගේම කියන්න ඕන මේක ගිය අවුරුද්දෙ ආපු චිත්‍රපටියක්.... ඉතින් චිත්‍රපටිය ගැන කියනවා නම් මේක IMDb හි 7.9 අගයක් ගන්නට සමත් වෙලා තියෙනවා.. ඒකෙන්ම තේරෙනවනෙ කොහොමද කියලා නේද..අපි කවුරුත් දන්න රිතික් රෝෂන්, කත්‍රිනා කයිෆ්, ෆර්හාන් අක්තාර් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙලා තියෙනවා.. මේකේ කථාව ගැන කියනව නම් යාලුවෝ තුන් දෙනෙක් ස්කෝලෙ යන කාලෙ කතාකරගත්තු විදිහට පොඩි සවාරියක් යනවා එක් එක් කෙනා ‍තෝරගත්තු වික්‍රමාන්විත ක්‍රීඩාවන් කරන්න... මේ ගමන හින්දා මෙයාලගෙ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.. ඒක වෙන්නෙ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ... මේක හින්දි චිත්‍රපටියක් කියලා නොබලා ඉන්න එපා බලන්න වටින චිත්‍රපටියක් කියන එකයි මගේ අදහස නම්... මේ චරිත අතර අනිවාර්යෙන් ඔයත් කොහේ හරි සැගවිලා ඇති එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම HEDZ සහෝදරයා දුන්න අසහයෝගයට ස්තූති කරමින් මං එහෙනම් 
යන්න යනවා.. මට යන්න අවසරයිනෙ... අමතක උනානෙ කමෙන්‍ටුවක් අනිවා දාන්න හොදද...තවත් නිර්මාණයක් සමගින් ඉක්මනටම හම්බෙමු....

                            මෙතනින් ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CJA විසිනි.

Megamind (2010) සිංහල උපසි‍රැසි සමග


මේක මගේ පළවෙනි උපසි‍රැසි නිර්මාණය.. මේක හදන්න පටන් ගත්තට මොකද කරගෙන යද්දියි තනි ඇහැට ඇඩෙන්න ගත්තෙ.. කොහොම හරි අවසානයෙ මේක ඉවර කරා.. වැරදි ගොඩාක් ඇති මේකෙ, ඒත් මං හිතනවා ඒකෙන් තේරුමට කිසිම හානියක් වෙලා නැතුව ඇති කියලා.. ඉතින් Film එක ගැන කියනව නම් මේක IMDb හි 7.3ක අගයක් අරන් තියෙනවා.. ඒකෙන්ම තේරෙනවනෙ film එක කොහොමද කියලා.. ගොඩක් වල වීරයා ප්‍රධාන චරිතෙ උනාට මේකෙ දුෂ්ඨයා වටේ තමයි කතාව ගලාගෙන යන්නෙ.. වැඩි විස්තර ඕන නෑ ඔයාලත් බලලම කියන්ඩකො කොහොමද කියලා... එහෙනම් උපසි‍රැසි ලබා දීම සම්බන්ධයෙන් සහයෝගය දැක්වූ ඇඩ්මින් සහෝටත් ස්තූතියි කියන ගමන්ම බලල හොද නරක කියලා කමෙන්ට් එකක් දාන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.....

                            මෙතනින් ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CJA විසිනි.